සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් බව පැවසෙන මීගමුව, දකුණු පිටිපන මුහුදු වෙරළට මායිම්ව පිහිටි ලක්ෂ 3,000ක් පමණ වටිනා ඉඩමක් සහ වැඩ අවසන් නොකළ සුඛෝපභෝගී නිවස විශේෂ කාර්ය බළකාය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ විසින් අද (24දා) දින වටලන ලදී.
නිවසේ හෝ ඉඩමේ මත්ද්‍රව්‍ය සඟවා ඇත්දැයි සොයා බැලීමට විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර, පොලිස් නිල සුනඛ අංශයද ඊට එක්ව තිබිණි.
මෙම ප්‍රදේශයේ මුහුදු වෙරළ ආසන්නයේ පර්චසයක වෙළෙඳ පොළ මිල රුපියල් ලක්ෂ 30කට ආසන්න වන අතර, ඒ අනුව ඉඩමේ වටිනාකම පමණක් ලක්ෂ 3,000ක් පමණ වේ.
එසේම එහි ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරියෙකු සේවයේ යොදවා ඇති අතර, වසර දෙකක පමණ කාලයක සිට ඔහු එම ස්ථානයේ සේවය කරන බව සඳහන් කළේය.
මේ වනවිට දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් බව පැවසෙන කෝටි 100කට වැඩි වත්කම් සොයා ගෙන ඇති බවට වාර්තා වේ.
මීගමුව - බර්ටි ඩයස්